ගම්මැද්දේ කලලය (විනෝද සිකුරාදා) දිනය: 2026 ජූලි 31 සිකුරාදා
ගම්මැද්දේ කලලය (විනෝද සිකුරාදා) දිනය: 2026 ජූලි 31 සිකුරාදා 🏥 උදෑසන වෛද්‍ය සායනය වේලාව: පෙරවරු 9:30 සිට ස්ථානය: බෝලියද්ද පන්සල මෙහෙයවීම: තල්දෙන මධ්‍යම බෙහෙත් ශාලාව 🎉 ගම්මැද්දේ කලලය (විනෝද සිකුරාදා) - සවස උත්සවය වේලාව: සවස 5:30 සිට ස්ථානය: බෝලියද්ද පොදු ක්‍රීඩාංගණය ඔබේ මුළු පවුල සමඟම පැමිණ විනෝදයෙන් පිරුණු සන්ධ්‍යාවක් භුක්ති විඳින්න! සංවිධානය: සොරණතොට ප්‍රාදේශීය සභාව
ඔබේ ප්‍රදේශයේ ඩෙංගු පැතිරීම වළක්වන්න
අධික වර්ෂාපතනය සහ පවතින හදිසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් ඉක්මනින් ඉහළ යා හැකිය. සියළුම නිවැසියන්ගෙන් තම වටපිටාව පිරිසිදුව තබා ගන්නා ලෙසත්, එකතැන පල්වෙන ජලය ඉවත් කරන ලෙසත්, සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී. ඩෙංගු රෝගයෙන් අපේ සමාජය ආරක්ෂා කර ගැනීමට එක්ව කටයුතු කරමු.